Monday, July 11, 2011

බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා

බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා  (20 කලාපය - අංක 1)

බොරලැස්ගමුව ගම් පියසත් ජී.එච්. පෙරේරා කිවිඳුන් ගේ නමත්  කිසිදාක වෙන් කළ නො හැකි ලෙස බැඳී පවතී. ජී.එච්. පෙරේරා යන නම සඳහන් කරන විට බොරලැස්ගමුව ගමේ නම සිහියට නැගෙන්නේ නිතැතිනි.

ඔහු ගේ අභාවයෙන් අවුරුදු 60ක් 2008 සැප්තැම්බර් 18 දිනට යෙදුණි. ජී.එච්. පෙරේරා නම ගෞරවයෙන් සිහි කිරීමට ඔහු හා ඇසුරු කිරීමට වාසනාව ලද සමකාලික රසිකයන්ට හැකිවීමත්, රසවත් සටහන් ඇති පුවත් සිහියට නගා අනික් අයට කියා දීමට ඔවුන් ඉදිරිපත් වීමත්, කවියා ගේ පළ වූ ඇතැම් කෘති කියැවීමට පාඨකයන්ට තරමක් හෝ පහසුකම් තිබීමත් සාහිත් උන්නතිය සඳහා වේ.

බොරලැස්ගමුවේ උපත ලද ගල්හේනගේ හේන්ද්රික් පෙරේරා මොනිටර් ගුරුවරයෙකු වශයෙන් සේවයට බැඳුනේ ගමේ ගති අගය කළ කොණ්ඩය බඳින තරුණ උගතෙකු වශයෙනි. ඔහු ගුරු සේවය සිය රැකියාව ලෙස තෝරා ගත්තේ . පසුව ඔහුට බොරලැස්ගමුවේ විදුහලේ මුල්ගුරු තනතුරු දක්වා උසස්වීම් ලබා ගැනීමට හැකි විය. තම කුසලතා නිසා ඔහු සමස්ත ලංකා ගුරු සංගමයේ සභාපතිධුරයට පත් වුණේය.
ජී.එච්. පෙරේරා රසිකයන් අතර වඩා පතළ වූයේ කවියෙකු ලෙස . පැරණි එලිසම කවි ආර පිරය කළ ඔහු ගේ කවිත්වය විවිධත්වයෙන් දියුණු විය. ඔහු වස්තු විෂය අතින් නව මගක් ගත් බව කිව හැකි  . බුදුගුණ ගැයීම සඳහා ඔහු විශේෂ උනන්දුවක් දැක් වී රකට කාව් රබන්ධයක් වන බුද්ධස්තොත පොත එයට රබල සාධකයකි. දේශාභිමානී කවි රචනයෙහි ඔහු ගේ කවිත්වය වෙසෙසින් කැපී පෙනුණු බවට ඔහු ලියූ ඇතැම් රචනා සාධක කොට දැක්විය හැකි . සමාජ දුබලතා මඟ හරවාලීම සඳහා ඔහු ද්වේෂයෙන් තොර විවේචනය කළේ සිංහල ජාතියේ අදීන බව කවියෙන් කියා පාමිනි. ගැමි ගී ආරේ කවි ලිවීමට ඔහු කොතරම් සමත් වීද යත් ඔහු ඇතැම් ජන ගී ආරෙන් ලියූ කවි රකට කවි මෙන් ජනාදරයට පත් වී ඇත. විනෝදය, උපහාසය, උපදේශය විෂය කොට ගෙන ඔහු ලියූ කවිවල කිසිවිටෙක ද්වේෂයෙන් ¥ෂිතවීමක් වූයේ නැත. වින්දනශීලී රසිකත්වයක් දැනවෙන ලෙස ඔහු ගේ කවි රචනා සකස් වූයේ තම හදවතේ ගැබ් තිබුණු උසස් මිනිස් ගති විදාහා පාමිනි.

බේබද්දා, සූදු අන්තුවා, සිංහල මංගල සූත යන රබන්ධ තුළින් කාව් රචනයෙහි ඔහු ගේ තිබූ නිර්මාණශීලී ආකල්ප රකාශ වන බව කිව හැකි . සිනහ ගැන්වෙන කථා පුවත් එකතුවක් ලෙස ඇතැම්විටෙක රසවත් කවියෙන් අදහස් උද්දීපනය කරමින් ලියූ කයි කතන්දර පොත ජී.එච්. පෙරේරාගේ විනෝදකාමී රකාශන කුසලතාව කියා පායි. ඔහු ගද් කාව්යය බොහෝ විට යොමු කළේ සිංහල සමාජයේ දුබලතා හා හද කාවදින අයුරින් පෙන්වා දීමට . සිංහල මගුල් තුලාවල දී කෙරෙන ඇතැම් සිරිත් විරිත්වල දුබල අංග ඔහු ගේ විමසුමට ලක් වූ අයුරු සිංහල මංගල සූත යන පොතින් කදිම ලෙස දැක්වේ. මගුල් ගෙදරවල සංගරහ කිරීමේ අරමුණ රසවත් ලෙස විමසුමට ලක් කරන කවියා එය පවසන්නේ පහත දැක්වෙන වචනවලිනි.

මගුල් දීම තමන් ගේ පීරතිය රකාශ කිරීමේ ලකුණක් විය යුතු යි. එහි දී තෑගි බෝග බලාපොරොත්තු විය යුතු නො වේ. එහෙත් එය මුදල් උපයන උපායක් වී තිබේ. දෙන්නෝ හැකිතාක් අඩුවෙන් සංගරහ කර වැඩියෙන් මුදල් බලාපොරොත්තු වෙති. කන්නෝ හැකිතාක් වැඩියෙන් කා අඩුවෙන් පඬුරු දෙන්නට බලති. කොයිහැටි වෙතත් සිංහල මගුල් ගෙවල් කොළඹ හෝටල්වලට වඩා තව හොඳ . මක් නිසාද සංගරහ වින්දවුන් නැගිට යන විට ඔය දෙන්නා ගෙන් ශත හැත්තෑ අටයි. රාළහාමිගෙන් තිස් එකයි. මහත්තුරු තුන්දෙනා ගෙන් දෙකයි හතළිහයි. බාසුන්නැහේ ගෙන් ශත දාහතයි ආදි වශයෙන් මුර නො නගන හෙයිනි.

හාස් රසයෙන් ජාතියට හානිකර සිරිත් විරිත් පෙන්නා දීමට ජී.එච්. පෙරේරා කවියා සමත් විය. ඉතිහාසය, පුරාවිද්යාව, කලා ශිල්ප පිළිබඳ ජී.එච්. පෙරේරා වියතාණන් තුළ තිබූ ගැඹුරු දැනුම විදහා දක්වන සාරවත් කෘතියෙකි. 1945 වසරේ දී ඔහු ලියූ හෙළදිවු පුවත කතුවරයාම  සඳහන් කරන පරිදි ලක්වැස්සන් ගේ ජීවිත රවෘත්තිය සම්බන්ධ රමාණවත් ඉතිහාස රන්ථයක් නො තිබුණු පාඩුව මදක්වත් පිරිමැසීමේ අරමුණින් රචිත මෙම පොත සැබැවින් සාරවත් පර්යේෂණ කෘතියකි. සැනසිල්ලේ නැලවිල්ලේ සිතන මිනිස් දුබලකම් ඉවත් කිරීමට ඔහු ගේ රචනා යොමු කළේ දේශාභිමානී හැඟීමෙන් හා සිංහල බසේ ඇති අරුත්බර ගතිය පෙන්වා දෙමිනි. බුදුගුණ ගායනයට ඔහු ලියූ බුද්ධස්තොත බොදු බැති හදවතට කාවැදුණු උසස් බුද්ධ වන්දනාවකි



තොටදුරු කළැති කිසිවෙකුහට අවිනී 
නිරතුරු දුකැති තැන් අටලොස්සක් බී
දිවතුරු කල සටන් මගෙ නිමිවිය මෑ   
ලොවතුරු කුසුම සුවඳැයි එතරම්   

ජාතික වීර කාව් ලියා දැය පුබුදු කළ ටිබෙට් හිමි කවි හිමිපාණන්ට සමකාලිකයෙකු වූ මෙම කවියා වීර කාව් රචනයෙහි අභීත දස්කම් දැක්විය. ඔහු ලියූ දරු නැලවිල්ලේ සඳහන් සරල කවි ළමා මනසට කාවදින ලෙස ලියා තැබූ ඒවා .

සම්මා සම්බුදු රජු        ගේ
සදහම් කිරි රස දිව     ගේ
සැදු ජාතියකට අන     ගේ
උපන්නෙ උඹ පුතුන්             ගේ

මුනිඳුගේ ගුණ තියු   ණු
සිරිදහමින් කිති කැවූ   ණු
සිංහලයෙන් ගැන කරු            ණු
ඉගෙන ගනින් මගෙ පුතණු

යන කවිවලින් සිය රචනය අරඹන කවියා දෙශාභිමානි හැඟීම් සරල රසවත් කියා දරු සෙනෙහස කුළු ගැන්වෙන පරිදි මව ගේ උතුම් මෙහෙවර එනම් බිළිඳාට තනකිරි පෙවීම ගැන පවසන අදහස් කොතරම් ළගන්නා සුළු ? එම කවි මෙසේ :

උඹේ පියාගේ අති        නේ
වැපුරූ කුඹුරේ බති      නේ
උඹට බොන්ට මගෙ දෙතනේ
රස කිරි පිරුනා පුතු     නේ

කවියා ගේ පවුල් ජීවිතය ගැන රසවත් හැඟීමක් මෙයින් ධ්වනිත වෙතැයි සිතිය හැකි . කවියා ගේ පුබුදිව්පැදිපෙල ජාතික හැඟීමෙන් ඔදවැඩුණු වේගවත් ආයාචනයක් ලෙසින් රචිත රබන්ධයකි.

අවිගත් යම රජුට වුන මුත් අයුත්ත     
යටහත් නො වූ දිවිදුන් නිතොර ඇත්ත           
එමහත් විකුම් පළකළ සිහළු නැත්ත   
නැති වෙත් බලා සිටියොත්  මෙහෙම මත්තට

පැරණි හා සමකාලීන කාන්තා රූ සපුව අභිරුචියෙන් වර්ණනා කිරීමට කාව්යය මෙහෙය වද්දී ස්තිරහු ලක්ෂණද යන මැයෙන් කවි වාදයක් අරඹා ලක්ෂණ කියූ පක්ෂයට කවිය යොමු කළ මෙම කවියා ආනන්ද රාජකරුණා, මුදලි එඞ්මන්ඞ් ගුණරත්න වැනි කවියන් සමග දිගුකලක් මෙම කවි සංවාදය පැවැත්විය. එහිදී පුද්ගල අපහාස මධ්යයේ වුවද නො පසුබට කවිය මෙහෙය වූ අයුරු තවමත් පැරණි රසිකයන් ගේ මතකයේ රැඳි ඇත.

කවියේ එක් අරමුණක් උපදෙස් දීමයයි විසිවැනි සියවසේ මුල් භාගයේ පහළ වූ බොහෝ කවිහු සිතූ . උපදෙස් ඇතුළත් පද් රචනා රාශියක් ලියා තබා ජනාදරයට පත් මෙම කවියා පුරුදු එලිසම කවි මගින් බැහැරව සඳහා රචනා ලියූ බවද පෙනේ.

ඉගෙනීමට සතුරු කරුණු පැදි මුලින් කවියා පවසන්නේ,

උදය බොහොම සීතයි -         දාවලේ අව්ව රස්නෙයි
සවස යහළුවන් හා - සෙල්ලමේ යන්ට  ඕනෑ
මෙලෙස අලස බැව්හී - සිත්බැඳි නම් අනිස්සේ දරුව!
නුඹට නම් බෑ - වෙන්ඩ මත්තෙන් මහත්මෙක්

යන අදහස. ගුරුවරයෙකු - කවියෙකු ලෙස හුදු කරුණාවෙන් දෙන ඔවදන් මෙන් සකස්ව ඇත.

සිංහල නගර නම් ඉංගීරසි තාලයට උසුරුවීම - අනාර්ය නම් භාවිතය සිංහල  නෑකම් අතහැර, ඉංගීරසි ඌරුවට භාවිතය කවියා ගේ උපහාසයට විෂය වූ අයුරු සිංහල රටකට යන කල දසාවයන පැදි පෙලෙන් පැවසේ.

ජී.එච්. පෙරේරා කවියා උපහාස කවියට දස්කම් පෑවෙකි. බස් රියකින් කොළඹට යන ගමනකදී ඔහු ලැබූ අත්දැකීමක් කවි දෙකකින් පැවැසී . එහි දෙවෙනි කවිය වූයේ,

වමතින් දෙමළියකි දකුණත සිංහල
දෙමළිය කරුවලය සිහලිය මල් බුරු   
කොල්ලෑ දෙකට මැදි වූ ඔරුව         
කොළඹට එනතුරුම වින්දෙමි සුර සැපත

ජී.එච්. පෙරේරා කවියා ගේ සමකාලීන කවියෙක් එතුමාට පැයකට කවි තුන්සියයක් රබන්ධ කළ හැකි බවට උදන් ඇනී . එම රකාශයේ නිසරු උපහාසයෙන් රකාශ කිරීමට තම කවිත්වය මෙහෙය වූ  මෙම කවියා ලියා යැවූ කවි පෙළෙහි ගැබ් තිබුණේ උපහාසයකි. එහි එක් කවක් වූයේ,

මෙයාගේ හැටියට කවිසේකරයන් ලියන්නට නම් පෑ තුනක් මදැයි
ලියා ගත්තොතින් පැයකට ගුත්තිලයක්ද ලියා නින්දකුත් නිද යි
වියාකරණ හේම නොසලකතොතින් නම් කාලය එපමණවත් මොටදැයි
මෙයාකාර පුත් පැටියකු වැදුවේ ලක්මව වයසට ගිය හින්දයි

සිය මිතුරාට වැළදි ඇති අජිර්ණ රෝගය නිසා කරන නම් දෙඩවීමක් ලෙස මෙම රකාශය උපහාසයට ලක්කර බෙලිගැට කසාය දෙන ලෙස දන්වා එම උපහාස ගුණය තවත් තියුණු කරයි.

ජී.එච්. පෙරේරා කිවිදුන් පුවත්පත්වලට ලිපි සැපයූ ලේඛකයෙකු විය. මගින් ඔහු ගේ සාහිත් සේවයේ තවත් අංශයක් විදහා දක්වයි. රාජි මුරාරි නමින් ලංකාදීප පතරයට ලිපි පෙළක් සැපයීම මෙම කවියා අතින් සිදු විය. ඔහු ඉතා කුළුපග ඇසුරු කළ රිදීගායක කෝට්ටගොඩ මහතා ගේ මතකයේ ඔහු සමග පැවති කථාබහ කවි සංවාද ගැන අපරකට තොරතුරු රැසක් රැඳී තිබීම භාග්යයකි. නො මසුරුව එම තොරතුරු අපට සැපයූ කොට්ටගොඩ මහතා කවියා ගෙන් ලද කවි ඇරයුමක් ගැන පැවසූ කවි පෙළේ අවසාන කවිය මෙසේ විය.

බාල්කති මෙහි කොක්කු වෙල්වල ලෙහෙසියෙන් ගෑ හැකිය අප පත
හාල් බාගය එකට නැංගා හැලි පතුල් දැන් අඬන්නෙත් නැ    
කාල් ගෑමට එකට පටලා ලිඳේ පොඩියක් වතුරකුත්           
ලූල් මාලූයි බතුයි කන්නට දිනෙක මෙහි පැමිණියොත් යහප   

ඇරයුම පරිදි සිය මිතුරු බලන්නට ගිය කොට්ටගොඩ මහතාට ජී.එච්. පෙරේරා කවියා යුද සමයේ අගහිඟ තිබියදී කුළුපගව සලකා සුහදව දවස ගෙවූ අයුරු මහතා ගේ මතකයේ රැඳී පැවතුණි.

ජී.එච්. පෙරේරා කියූ කවිවල පැවති හෟදයාංගම ගතිය නිසා අදත් බොහෝ දෙනා එම කවි ගැන සිහි කරති. සමහර කවි හා කියමන් ව්යවහාරයට එකතු වී පැලපදියම් වූ සම්මත සිතිවිලි බවට පත්ව ඇත. මෙම ලක්ෂණය වඩාත් මැනවින් දැක්වෙන්නේ ජන ගී ආරෙන් ලියූ ඔහු ගේ රබන්ධවලයි.

1942 වර්ෂයේ යුද පුවත් කුඩා සඟරාවට කුරක්කන් හේන නමින් පළ වූ කවි පෙළ නැවත වරක් 1948 ජනවාරි මාර්තු සඟරාවේ නිදහස් අනුස්මරණය කලාපයේ පළ විය. අතර ලංකා ගුවන් විදුලි සේවයේ මහත් රසිද්ධ දේශනවලදී මෙම කවි පෙළට පුළුල් රචාරයක් ලැබිණි. ජනතාව මෙම කවිවලට කොතරම් පිරය කළේ යත් පැරණි ගම්බද කුරහන් කවි ලෙස ජන සම්මතයට යොදාගෙන මෙම කවි ජන කවි ලෙස ව්යවහාර වන බවත් පෙනේ.
මේ නිසාම ජී.එච්. පෙරේරා ජන යුගයේ ජන කවියා යන නමින් හඳුන්වන්නට විය. ජන ගී ආරෙන් කවි ලිවීමේ කුසලතා තිබූ කවියෙකි, ශී චන්ද් රත්න මානවසිංහ. ඔහු ජී.එච්. පෙරේරා කවියා ගේ හිතවත් මිතුරෙක් විය. ජී.එච්. පෙරේරා වියෝවින් ලක්වැසි සාහිත්යධරයන් හා රසිකයන් දුක් වෙද්දී සිය කවි සහෘදයා සිහි කොට ශී චන්ද්රරත්නයෝ මෙසේ පැවසූ .

කොවුලන් හඬන කාලෙද වනමල් ගොමුවේ
චතුමදුරෙටයි බක්මහ මී පැණි දැමු      වේ
බුදුගුණ සුළඟ සීතල සුළඟ හැමු          වේ
කවි බැඳ කියන කාලෙයි බොරලැස්ගමුවේ

ජී.එච්. පෙරේරා හපනෙකි කතාව       
බඩගිනි දැනෙන්නේ නෑ නැග ඔන හිනාවට
රුසියෙකි උපන් අප සිංහල පුරාණෙ   
එහෙමම තමයි ගැමි කවි හී බැඳී      

ජී.එච්. පෙරේරා කවියා ගේ නිපුනත්වය කැටිකොට දැක්වීමත් මෙම පැදි දෙකෙන් සිදු වී ඇත.

සිංහල කවි මල් ගොමු  වේ
කොහෙන්ද සුවඳක් හැමුවේ
ජී.එච්. කවියා උපන්න
ගමෙනුයි බොරලැස්ගමුවේ

මෙම කවියා දිවන්ගත වී වසර 60ක් ගෙවී ඇතත් ඔහු ගේ පියකරු හදවතින් වහනය වූ කවි සුවඳ අදත් සුළඟට එක්වන බව කෘතවේදී සිහිපත් කරමු.


- එච්..පී. අභයවර්ධන